තවත්
    මුල් පිටුවදේශීය පුවත්මිදිගමදී කොටුවූ පාතාලයේ සැඟවුණු අපරාධකරු

    මිදිගමදී කොටුවූ පාතාලයේ සැඟවුණු අපරාධකරු

    මත්කුඩු ඡාවාරමේ නිරත පාතාලයේ සැඟවුණු අපරාධකරුවෙක් අත්අඩංගුවට ගැනීමට අපරාාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් හා දේපොල විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් සමත්ව ඇත.

    වැලිගම මිදිගම පදිංචිකරුවෙක් වන ලසන්ත වික්‍රමසේකර නැමැති ඔහු විශේෂ බලකායෙන් පළාවිත් සිටින සෙබලෙකි. ඩුබායි හී රැදී සිටින හරක් කටා නැමැති මත්කුඩු ජාවාරම්කරුගේ මෙරට නියෝජිතයෙක් ලෙස මෙම සැකකරුව හදුනාගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

    මෙම පුද්ගලයා මත්කුඩු ජාවාරම ඇතුළු පාතාල අපරාධවලින් උපයාගත් දේපොල සම්බන්ධයෙන් කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මිදිගමදී ඔහුව අත්අඩංගුවට ගත් බව නීති විරෝධි වත්කම් හා දේපොල විමර්ශන කොට්ඨාශය සදහන් කරයි.

    මෙම සැකකරු නවීන පන්නයේ නිවසක් මේ වන විට මිදිගම ඉදිකරමින් ඇති බවත් අත්අඩංගුවට ගන්නා විට පරිහරණය කරමින් සිටියේ රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති සුඛෝපභෝගී ජිප් රථයක් බවත් පොලීසිය සදහන් කරයි. ඊට අමතරව මෙම පුද්ගලයාට අයත් දේපොල රැසක් ගැනද තොරතුරු ලැබී ඇත. මෙම දේපොල උපයාගත් ආකාරය ගැන සදහන් කරන්නට තරම් ආදායමක් ඔහුට නැති බැවින් අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.

    ප්‍රශ්න කිරීම් හමුවේදී මෙම පුද්ගලයා මෑතකදී සිදුවූ සන්ෂයින් සුද්දා නැමැත්තාගේ ඝාතනයටද සම්බන්ධ බව හෙළිවී ඇත. වෙඩික්කරුවන්ට ඒ සදහා මෝටර් රථය ලබාදී ඇත්තේ මෙම සැකකරු විසින් බවට ප්‍රශ්න කිරීම් හමුවේදී අනාවරණය වී තිබේ. මෙම සැකකරුට එරෙහිව ගිනි අවි ළඟ තබාගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග පවා පැවැත්වෙන බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img