
පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයාගේ ස්ථාන මාරුව සම්බන්ධයෙයන් ජගත් කුමාර මන්ත්‍රීවරයා දේශපාලන බලපෑම් කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
ඔහු එවැනි දෙයක් සිදුකොට ඔහුට පක්ෂපාති පොලිස් ස්ථානාධිපතිවරයකු පත්නොකිරීම නිසා කෝප වී ඇති බවද ඇමතිවරයා කීය.
කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් විනය පියවර ගන්නා ලෙස තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලාසිටින බව ද අමාත්‍යවරයා කියාසිටියේ ජගත් කුමාර මන්ත්‍රීවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.
“පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා මාරුකළේ කාන්තා පොලිස් නිලධාරිනියකගේ ආරක්ෂාව නොමැතිව කාන්තාවන් දෙදෙනෙක් පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටීම ඇතුළු තවත් හේතුන් මත. ඔහුව එම තනතුරෙන් ඉවත්කළේ අමාත්‍යාංශ ලේකම්තුමා සහ පොලිස්පතිවරයාගේ නිර්දේශ මත.
ඔහුව ඉවත්කළාට පසුව ජගත් කුමාර මන්ත්‍රීවරයා මට ලිඛිතව මෙන්ම වාචිකවත් ඉල්ලාසිටියා ඔහුට පක්ෂපාති පොලිස් ස්ථානාධිපතිවරයෙකුව එම තනතුරට පත්කරන්න කියලා. දේශපාලන බලපෑම්කරන්න අවේ ජගත් කුමාර මන්ත්‍රීවරයා. ඔහු උරණවෙලා තියෙන්නේ ඔහුට පක්ෂපාති කෙනෙක් පත්කර ගැනීමට නොහැකිවූ නිසයි.”