තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බැචලේගේ උත්සහය ජගත් ප්‍රඥප්තියට පටහැනියි - පොදුරද මඩුලු මහ‍ලේකම්ට GL කියයි

    බැචලේගේ උත්සහය ජගත් ප්‍රඥප්තියට පටහැනියි – පොදුරද මඩුලු මහ‍ලේකම්ට GL කියයි

    පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ සංවාදයට හා කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව සක්‍රීයව කැපවී සිටින බව නිව්යෝර්ක් හිදී පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මැතිනිය සමඟ පැවති ඔන්ලයින් හමුවකදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා යළි තහවුරු කර තිබේ.

    පොදුරාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව එම සංවිධානයේ සාරධර්ම, මූලධර්ම හා අරමුණු වෙනුවෙන් කැපවී කටයුතු කරන බව විදේශ අමාත්‍ය පීරිස් මහතා සිහිපත් කළේය.

    වාණිජ, අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ දේශගුණික විපර්යාස ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් තුළ පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ තවදුරටත් සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. කඩොලාන ප්‍රතිසංස්කරණය කිරීමේදී සාර්‍ථක වී ඇති ශ්‍රී ලංකාව, පොදුරාජ්‍ය මණ්ඩලයීය නීල ප්‍රඥප්තිය සඳහා නායකත්වය දෙමින් නැඟී සිටින බව අමාත්‍යවරයා පැවසීය.

    ශ්‍රී ලංකාව ආහාර සුරක්‍ෂිතතාවයෙන් යුත් කෘෂිකාර්මික නිෂ්පාදනය සහ පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරමින් මෑතකදී “දේශගුණය සහ හරිත ආර්ථිකය” සඳහා මුලපිරීය.

    පොදුරාජ්‍ය මණ්ඩලය යනු එහි සියලුම සාමාජික රටවල් විසින් පොදු අරමුණක් භුක්ති විඳින, එය සුවිශේෂී හා ප්‍රබෝධමත් කරවන විවිධත්වය පිළිබඳ සැමරුමක් වන බව විදේශ අමාත්‍යවරයා පැවසීය. එහි සියලුම සාමාජිකයින් සඳහා පොදු නීතිමය පසුබිමක වාසියක් ඇතත්, ඔවුන් සංවර්ධනයේ විවිධ මාවත් අනුගමනය කර ඇත.

    සංහිඳියාව සම්බන්ධයෙන් මෙරට දේශීය ආයතන ගෙන ඇති පියවර පිළිබඳව විදේශ අමාත්‍යවරයා මහලේකම් ස්කොට්ලන්ඩ් මැතිනිය දැනුවත් කළේය. මෙය අඛණ්ඩ ක්‍රියාවලියක් වන අතර, ප්‍රාදේශීය ආයතනවලට තම අණපනත් ඉටු කිරීම සඳහා රටට ප්‍රමාණවත් ඉඩකඩක් අවශ්‍ය වේ.

    මෙම ආයතන විසින් සිදුකරනු ලබන කටයුතු බාහිර ආයතන මඟින් ප්‍රතිස්ථාපනය කිරීමට හෝ අත්පත් කර ගැනීමට නොහැකිය. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් ස්ථාපිත කිරීමට උත්සාහ දරන තාවකාලික යාන්ත්‍රණය පිළිබඳව සඳහන් කළ ඔහු, එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ පරමාර්ථවලට අනුකූල නොවන බවත් එය ලංකාවට පිළිගත නොහැකි බවත් ප්‍රකාශ කළේය.

    තමා 2018 සහ 2019 වසරවල දී ශ්‍රී ලංකාවේ නිරත වූ සංචාරයන් පිළිබඳව ඉතා උණුසුම් ලෙස සිහිපත් කළ මහලේකම් ස්කොට්ලන්ඩ් මැතිනිය, ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ පවත්වා ගෙන යන අඛණ්ඩ සමීප සම්බන්ධතාව අගය කළාය.

    2019 දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා සත්කාරකත්වය සැපයීම පිළිබඳව ඇය ශ්‍රී ලංකාවට ස්තූති කළ අතර, වෙළඳාම, ක්‍රීඩා කටයුතු, තරුණයින් සහ ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව සටන් කිරීම ඇතුළු පුළුල් පරාසයක කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලය අගය කරන බව සඳහන් කළාය.

    ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 54 න් එකක් වන අතර, 2013 දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා සත්කාරකත්වය ලබා දුන්නේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img