තවත්
    මුල් පිටුවදේශීය පුවත්පහරදීමකට පොලීසිට භාරවුණු හබ්බන්තොට නගරාධිපතිට ඇප

    පහරදීමකට පොලීසිට භාරවුණු හබ්බන්තොට නගරාධිපතිට ඇප

    බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක ආරක්ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්ෂක අංශයක නිලධාරීන් දෙදෙනකුට පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා පොලිස් ඇප මත මුදා හැර ඇත.

    අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

    මෙම පහරදීම සිදුව තිබුණේ පසුගිය 14 වෙනිදාය. ඒ ඔහු බම්බබලපිටිය කොතලාවල ඇවනිව් හී පිහිටි අදාල ඉඩමට ඇතුළුවීමෙන් අනතුරුවය. පහරකෑමට ලක්වූ ආරක්ෂක නිලධාරියෙක් කොළඹ ජාතික රෝහලටද ඇතුලත් කර තිබුණි. ඔහු තවමත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
    එරාජ් ප්‍රනාන්දු නගරාධිපතිවරයා රටේ කතාබහකට ලක්වන චරිතයක් බවට පත්වූයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවැති 2014 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හබ්බන්තොට වරාය සහ මත්තුල ගුවන්තොටුපොල සංකීර්ණය නිරීක්ෂණය කිරීමට ගිය චාරිකාවේදී ගිනි අවියක් පෙන්වා එම මන්ත්‍රීවරුන්ට තර්ජනය කිරීමක් සමගිනි. පසුව පොලිස් පරීක්ෂණ වලින් කියැවුනේ එම ගිනි අවිය සෙල්ලම් පිස්තෝලයක් බවය.

    ඒ සම්බන්ධයෙන් පැවැති නඩුවෙන් නගරාධිපතිවරයාට බරපතල වැඩ ඇතිව සිරදඩුවමක් නියම වූ අතර ඒ සම්බන්ධයෙන් ඔහු විසින් අභියාචනයක් කරමින් ඇප ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව ඔහුට ඇප නියම විය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img