Home දේශීය පුවත් ස්පුට්නික් අර්බුදය නිමයි – එන්නත් මාත්‍රා 120,000 ක් මෙරටට

ස්පුට්නික් අර්බුදය නිමයි – එන්නත් මාත්‍රා 120,000 ක් මෙරටට

0
ස්පුට්නික් අර්බුදය නිමයි – එන්නත් මාත්‍රා  120,000 ක් මෙරටට

ස්පුට්නික් එන්නත් අර්බුදය නිමාකරමින් රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් – V එන්නත් මාත්‍රා 120,000 ක් අද (19) අලුයම කටුනායක ගුවන්තොටුපොළ රැගෙන ආවේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් මෙම එන්නත් තොගය රැගෙන විත් තිබේ.

කිලෝ ග්‍රෑම් 1450 ක් බරැති එම එන්නත් මාත්‍රා තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ පිහිටි මධ්‍යම ඹෟෂධ ගබඩා සංකීර්ණය වෙත රැගෙන ආවේය.

මෙම එන්නත් තොගය මහනුවර ජනතාවට අනිද්දා සිට දෙවැනි මාත්‍රාව ලෙස ලබාදීමට පියවර ගන්නා බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here