Home දේශීය පුවත් සෝමාවතිය වනෝද්‍යානයේ දඩයමේ ගිය හිටපු එජා ප මන්ත්‍රී ඇතුළු 15ක් කොටුකරගත් මෙහෙයුම

සෝමාවතිය වනෝද්‍යානයේ දඩයමේ ගිය හිටපු එජා ප මන්ත්‍රී ඇතුළු 15ක් කොටුකරගත් මෙහෙයුම

0
සෝමාවතිය වනෝද්‍යානයේ දඩයමේ ගිය හිටපු එජා ප මන්ත්‍රී ඇතුළු 15ක් කොටුකරගත් මෙහෙයුම

පොළොන්නරුව සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ දඩයමේ ගිය එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සිඩ්නි ජයරත්න ඇතුළු 15 දෙනෙක් පොළොන්නරුව වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස ගමන්කළ යතුරු පැදි 08 ක්ද වනජීවී නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.

වනෝද්‍යානයේ ගල්රැන්ද ප්‍රදේශයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ සවස් කාලයේදීය. සැකකරුවන් මැදිරිගිරියේ පදිංචිකරුවන් බව හදුනාගෙන තිබේ. ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් පවසා ඇත්තේ මාළු ඇල්ලීමට වනෝද්‍යානයට පැමිණි බවය.

විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ ඔවුන් පෙරේදා (17) වෙනිදා වනෝද්‍යානයට ඇතුළු වී ඇති බවය. මෙම පිරිස එදින රාත්‍රිය ගතකර ඇත්තේ වනෝද්‍යානයේය.

මෙම සැකකරුවන් පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කළ පසු ඇප මත මුදා හැර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here