තවත්
    මුල් පිටුවදේශීය පුවත්නිරෝධායන නීතිය කැඩුවාට අත්අඩංගුවට ගත් පිරිස 75,000 ඉක්මවයි

    නිරෝධායන නීතිය කැඩුවාට අත්අඩංගුවට ගත් පිරිස 75,000 ඉක්මවයි

    නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති පිරිස අද අලුයම 6.00 වන වට 75,000 ඉක්මවිය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සදහන් කරනු ලැබුවේ 75,058 දෙනෙක් මේ වන විට නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

    ඊයේ උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ පමණක් නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් 551 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයිද ඔහු පැවසීය. ඒ රථ වාහන 37 ක්ද සමගිණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img