Home උණුසුම් පුවත් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීමේ සූදානමක්!

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීමේ සූදානමක්!

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීමේ සූදානමක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඉල්ලා අස්වීමට සූදානමක් පවතින වන බව වාර්තා වේ.

ඒ ඇමෙරිකාවේ සහ මෙක්සිකෝව සඳහා වන ශ්‍රී ලංකා තානාපති ධුරය සඳහා පත්වීමකට ලද ඇරයුමක් මත බව ද සඳහන්ය.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ රවිනාථ ආර්යසිංහ මහතා පසුගියදා විශ්‍රාම යාමෙන් අනතුරුව එම තනතුරු පුරප්පාඩු වී තිබේ.

තානාපති සේවයේ දිගු කලක් කටයුතු කර ඇති මහින්ද සමරසිංහ මහතා, ජාත්‍යන්තර සබඳතා, රාජ්‍ය තාන්ත්‍රික සේවය පිළිබඳව බොහෝ අත්දැකීම් සහිත අයෙකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් කළුතර දිස්ත්‍රික්ක නියෝජනය කරමින් මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවට තේරී පත්විය.

මහින්ද සමරසිංහ මහතා යම්හෙයකින් ඉවත් වුවහොත් පුරප්පාඩු වන එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කෙරෙනුයේ කවුද යන්න පිළිබඳ මෙතෙක් වාර්තා නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here