Home උණුසුම් පුවත් ජනපති නිව්යෝර්ක් වෙත

ජනපති නිව්යෝර්ක් වෙත

ජනපති නිව්යෝර්ක් වෙත

අමෙරිකාවේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා 22 වන දින සමුළුව ඇමතීමට නියමිතය.

ජනාධිපතිතුමා දිවයිනෙන්‌ බැහැරව විදේශ සමුළුවකට සහභාගී චන සහ එක්සත්‌ ජාතීන්ගේ
මූලස්ථානයේ දී රාජ්‍ය නායක සමුළුව අමතන පළමු අවස්ථාව මෙය වේ.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩෙන්‌ගේ ප්‍රධානත්වයෙන්‌ 21 වන අභහරුවාදා ඇරඹෙන මෙවර
සමුළුවේ තේමාව “කොවිඩ්‌ -19 වයිරසයෙන්‌ සුවය ලබාගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින්‌ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත්‌ජාතීන්ගේ සංවිධානය නැවත ‘පණ ගැන්වීම’ යන්නයි.

සැසිවාරය අතරතුර ජනාධිපතිවරයා රාජ්‍ය නායකයන්‌ කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

චිදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්‌. පීරිස්‌, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත්‌ චීරතුංග, විදේශ ලේකම්‌ අද්මිරාල්‌ මහාචාර්ය ජයනාත්‌ කොළඹගේ යන මහත්වරු ජනාධිපතිවරයා සමග සංචාරයට එක්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here