Home දේශීය පුවත් ගැඹුරු මුහුදේදී අල්ලාගත් මත්කුඩු බෝට්ටුව අද කොළඹ වරායට

ගැඹුරු මුහුදේදී අල්ලාගත් මත්කුඩු බෝට්ටුව අද කොළඹ වරායට

0
ගැඹුරු මුහුදේදී අල්ලාගත් මත්කුඩු බෝට්ටුව අද කොළඹ වරායට

පකිස්තානයේ සිට මෙරටට හෙරොයින් කිලෝ 160 ක පමණ ප්‍රමාණයක් රැගෙන යාත්‍රාකරමින් තිබියදී ගැඹුරු මුහුදේදි ඉරාන් ජාතිකයන් 09 දෙනෙක් සමග නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවක් අද (18) කොළඹ වරායට රැගෙන ඒමට නියමිතව ඇත.

මෙම යාත්‍රාව ඉකුත් සෙනසුරාදා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අල්ලා ගන්නේ මඩකලපුව පොලීසියේ සේවයේ නිරතව සිටි නිලධාරියෙකුට ලද තොරතුරකට අනුවය.

මේ වන විට ඩුබායි හී රැදී සිටින බත්තරමුල්ලේ සංජු නැමැත්තා විසින් පකිස්තාන ජාවාරම්කරුවන්ට ලබාදුන් ඇනවුමකට අනුව මෙම හෙරොයින් තොගය මෙරටට එවා තිබෙන බව පොලිස් විමර්ශන වලින් හෙළිවී තිබේ.

මෙම යාත්‍රාව ඊයේ කොළඹ වරායට රැගෙන ඒමට නියමිතව තිබුණද කාර්මිත දෝෂයක් හේතුවෙන් ඇදගෙන ඒමට සිදුවීම නිසා දිනක් ප්‍රමාද වී තිබෙන බව නාවික හමුදා තොරතුරු අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here