තවත්
    මුල් පිටුවදේශීය පුවත්රෝහල් වැසිකිලියේ බෝම්බය තැබූ සැකකරුගේ සහෝදරයාත් හිටපු කොටියෙක්

    රෝහල් වැසිකිලියේ බෝම්බය තැබූ සැකකරුගේ සහෝදරයාත් හිටපු කොටියෙක්

    නාරාහේන්පිට පිහිටි ලංකා රෝහල් වැසිකිලියක අත්බෝම්බයක් ඇටවූ සැකකරුගේ සහෝදරයා ආරක්ෂක අංශවලට ඔත්තු සපයන පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් බව හෙළිවී තිබේ.

    එම පුද්ගලයාගේ තොරතුරු මත පසුගිය කාලයේ ආරක්ෂක අංශ සාර්ථක වැටලීම් රැසක් සිදුකර ඇතැයිද පොලිස් විමර්ශන වලින් තහවුරු වී ඇත.

    මෙම සැකකරුගේ සහෝදරියක්ද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් බව මෙයට පෙර හෙළිවී තිබුණි.
    ලංකා රෝහලේ වැසිකිලියේ අත්බෝම්බය ඇටවූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුට පුරණ ද්‍රව්‍ය භාවිතයට පුහුණුව ලබාදුන්නේ කවුරුන්දැයි මෙතෙක් තහවුරුකර ගැනීමට පොලීසිය සමත්ව නැත. ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ යූ ටියුබ් සහ අන්තර්ජාලයෙන් එම දැනුම ලබාගත් බවකි.

    එහෙත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙරට සිටින ආරක්ෂක අංශවල විශේෂඥයන් පවසන්නේ මෙම අත්බෝම්බය ඔහු අන්තර් ජාලයෙන් තොරතුරු විමසා එසේ ඇටවූ බව පිළිගත නොහැකි බවය. පුපුරණ ද්‍රව්‍ය භාවිතය ගැන හසල දැනුමත් ඇති නිලධාරීන් පවා එවන් ඇටවුම් කිරීමට දෙවරක් හිතන බවත් එය අවධානම් ක්‍රියාවක් බවත් පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයෙක් සදහන් කළේය.

    මෙම සැකකරු අන්තර් ජාලයෙන් තොරතුරු විමසා එම බෝම්බය කාල බෝම්බයක් ලෙස ඇටවූයේ නම් ඊට පෙර මෙවන් ඇටවුම් කර හසල පළපුරුද්දක් ඔහුට තිබිය යුතු බව එම විශේෂඥයාගේ අදහසය. එසේ නොමැතිව කිසිදිනක අත්බෝම්බයක් අල්ලාවත් නොමැති පුද්ගලයෙකුට මෙවන් ඇටවුමක් කිරීමට නොහැකි බව ද ඔහු කියයි.

    මෙම සැකකරු ඉදිකිරීම් සමාගමක කම්කරුවෙක් වන අතර වැඩිදුර අධ්‍යාපනයක්ද ලබා නැත්තෙකි. එවන් පුද්ගලයෙක් අන්තර්ජාලයෙන් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු සොයා ඒවා අත්හදා බලන්නේ නම් එය වඩාත් බරපතල මෙන්ම ජාතික ආරක්ෂාවටද තර්ජනයක් වනු ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img