Home උණුසුම් පුවත් “ලොහාන්‍ ගැන පියවරක් ගන්න”- මැකො කතානායකගෙන් ඉල්ලයි

“ලොහාන්‍ ගැන පියවරක් ගන්න”- මැකො කතානායකගෙන් ඉල්ලයි

“ලොහාන්‍ ගැන පියවරක් ගන්න”- මැකො කතානායකගෙන් ඉල්ලයි

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ක්‍රියාකලාපය මහජන නියෝජිතයින් පිළිබඳව ජනතාව විශ්වාසය බිඳ හෙළීමට ඉවහල් වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.

මහජන නියෝජිතයින් ජනතාවගේ විශ්වාසය තහවුරු වන අයුරින් කටයුතු කළ යුතු අතර ඒ පිළිබඳ සුදුසු පියවරක් ගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද නිමල් පුංචිහේවා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ, අනුරාධපුර බන්ධනාගාරවලට ගොස් සිදුකරන ක්‍රියාවන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විශේෂ අවධානය යොමු කළ බවද එමගින් මහජන නියෝජිතයින් කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳ හෙළිය හැකි යැයිද ප්‍රජාතන්ත්‍රවාදයට හා නිදහස් හා සාධාරණ මැතිවරණ අපේක්ෂක ප්‍රතිඵලයට එය හානියක් බව ද නිමල් පුංචිහේවා මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here