කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතා අද (17) අළුයම අභාවප්‍රාප්ත වූයේය.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු දින කිහිපයකට පෙර කොවිඩ් ආසාදනය වී කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දිවියෙන් සමුගෙන තිබේ.
මාතර තිහගොඩ උපන් ඔහු මියයන විට 83 වැනි වියේ පසු විය.
සිංහල සහ ඉංග්‍රිසි භාෂා ප්‍රවීණයකු වූ ගුණරත්න මෙරට පුවත්පත් කලාවේදීන් රැසකගේ
ගුරුවරයකු ලෙස සැළකේ.
ඔහු මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර ලේක්හවුස් ආයතනයේ තිහගොඩ ප්‍රාදේශිය චාර්තාකරු ලෙස 1967 වර්ෂයේ දී සිය පුවත්පත් ජීවිතය ආරම්භ කළේය.
ඩබ්ලිව්.ජී. ගුණරත්න පසුව “ජනතා” පුවත්පතේ මාණ්ඩලික වාර්තාකරුවකු ලෙස ලේක්හවුස් ආයතනයේ ස්ථිර රැකියාවට සම්බන්ධ වූයේය.
ඉන් පසු, දිනමිණ පුවත්පතට සම්බන්ධ වී එහි ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස ද කටයුත කළ හෙතෙම සන්ඩේ ඔබ්සර්වර් සේවය කළ අතර සිළුමිණ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස ද කටයුතු
කළේය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ මාධ්‍ය ඒකකයේ ද ඔහු සේවය කළේය.
පසුව ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශිය ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස කටයුතු කළ අතරම එහි නිල වෙබ් අඩවියේ ආරම්භක ප්‍රධාන කර්තෘවරයා වූයේ ද ඩබ්ලිව්.ජී.ගුණරත්නය.
ඩල්සි ගුණරත්න භා විවාහ වී සිටි ඔහු නිමාලි, නදී, ප්‍රසාද් සහ දර්ශන නමැති දරුවන් සිව් දෙනකුගේ පියෙකි.