Home දේශීය පුවත් ලොහාන්ට එරෙහිව ඇති පැමිණිල්ල විභාගයට ගන් නැයි ඇමති වීරසේකර පොලිස්පතිට කියයි

ලොහාන්ට එරෙහිව ඇති පැමිණිල්ල විභාගයට ගන් නැයි ඇමති වීරසේකර පොලිස්පතිට කියයි

0
ලොහාන්ට එරෙහිව ඇති පැමිණිල්ල විභාගයට ගන් නැයි ඇමති වීරසේකර පොලිස්පතිට කියයි

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙත ලැබී ඇති පැමිණිල්ලට අනුව වහාම විමර්ශනයක් ආරම්භකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් ලබාදී ඇත.

අද සවස ඇමතිවරයා විසින් එම උපදෙස් ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

ලෙහාන් රත්වත්තේ මහතා පසුගිය 12 වෙනිදා අනුරාධපුර බන්ධනාගාරයට ගෙගාස් එහි රදවා සිටි දෙමළ සිරකරුවන් කිහිප දෙනෙකුගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කිරීමක් ගැන අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරනු ලැබුවේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here