Home දේශීය පුවත් සියළුම බෝග සඳහා කාබනික පොහොර ආනයනයට ඉඩකඩ

සියළුම බෝග සඳහා කාබනික පොහොර ආනයනයට ඉඩකඩ

0
සියළුම බෝග සඳහා කාබනික පොහොර ආනයනයට ඉඩකඩ

මෙතෙක් වී වගාවට පමණක් කාබනික පොහොර ආනයනය කිරීමට ලබාදී තිබුණු අවසරය අද (16) සිට තේ, පොල්, රබර් ඇතුළු සියලු බෝග සඳහා ද ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් 02 ට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අවසරය ලබාදී ඇත.

ඔක්තෝබර් මාසය වනවිට සියලුම බෝග වගාවන් සඳහා හිඟයකින් තොරව වෙළඳපොළෙන් කාබනික පෙහොර මිලදී ගත හැකි වන පරිදි පොහොර ආනයනයට පෞද්ගලික අංශයට ද අවස්ථාව ලබාදීමට ද පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.

කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය කාබනික පොහොර රටතුළ නිෂ්පාදනය කෙරෙමින් පවතින බව මෙන්ම කාබනික නයිට්‍රජන් හා පොටෑසියම් අවශ්‍ය තරම් ආනයනය කර ඇති බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here