Home උණුසුම් පුවත් රැඳවූවන්ගේ ඉල්ලීමකට ඇමති නාමල් අ’පුර බන්ධනාගාරයට

රැඳවූවන්ගේ ඉල්ලීමකට ඇමති නාමල් අ’පුර බන්ධනාගාරයට

රැඳවූවන්ගේ ඉල්ලීමකට ඇමති නාමල් අ’පුර බන්ධනාගාරයට

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (16) අනුරාධපුර බන්ධනාගාරයට ගොස් තිබේ.

ඒ එහි රැඳවූවන් කණ්ඩායමක් විසින් තමා හමුවීමට අවශ්‍ය බැවින් එහි පැමිණෙන ලෙස කරන ලද ඉල්ලීමක් අනුව බව අමාත්‍යවරයා කියයි.

ඒ අනුව, රැඳවූවන්ගේ ගැටලු පිළිබඳව එහිදී සාකච්ඡා කළ බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

‘චෝදනා වලින් නිදහස් වූ පසු ඔවුන් පුනරුත්ථාපනය කිරීම සහ සමාජය තුළ නැවත ස්ථාපිත කිරීම ඇතුළු ඔවුන්ගේ ගැටලු පිළිබඳව සොයා බලන බවට මම ඔවුන්ට සහතික වූවා’ යනුවෙන් ඇමතිවරයා පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here