කොරෝනා වසංගතය පාලනය කර යම් එය ජයග්‍රහණයක් ලබා ගැනීමට නම් ලබන මස මුල දක්වාවත් රට වසා තැබිය යුතුයැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියයි.
ශ්‍රී ලංකාව තවමත් රතු කලාපයේ රටක් යයිද එම තත්ත්වයෙන් මිදීමට නම් සංචරණ සීමා පනවන කාලය තවදුරටත් දීර්ඝ කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලක්කුමාර් ප්‍රනාන්දු මහතා කීය.
රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවීම ඔක්සිජන් අවශ්‍ය රෝගීන් අඩුවීම සහ මරණ සංඛ්‍යාව පහත යාම වැනි ජයග්‍රහණය මේ වනවිට යන්තමින් ලබා තිබෙන නමුත් රටක් ලෙස දිගුකාලීන ජයග්‍රහණ ලබාගත යුතු බවද ඔහු කීය.
එම නිසා දිගුකාලීන ජයග්‍රහණ ලැබීමට නම් කෙටි කාලීන විසඳුම්වලට මොනව රට ලබන මස මුල දක්වා වසා තැබිය යුතු යැයිද ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවසීය.