Home උණුසුම් පුවත් ලෝක කුසලානයෙන් පසු විරාත් කෝලි විස්සයි20 නායකකමින් ඉවතට

ලෝක කුසලානයෙන් පසු විරාත් කෝලි විස්සයි20 නායකකමින් ඉවතට

ලෝක කුසලානයෙන් පසු විරාත් කෝලි විස්සයි20 නායකකමින් ඉවතට

විස්සයි20 ලෝක කුසලානය තරගය නිම කිරීමෙන් පසු විස්සයි20 තරගවලදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වන බව විරාත් කෝලි පවසයි.

ටෙස්ට් ක්‍රිකට් සහ එක්දින තරඟවලදී ඔහු දිගටම කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේදී ඔක්තෝබර් 17 දා සිට පැවැත්වීමට නියමිතව තිබෙන නොවැම්බර් 14 දක්වා පැවැත්වේ.

“ඔක්තෝම්බර් මාසයේදී ඩුබායිහි පැවැත්වෙන මෙම විස්සයි 20 ලෝක කුසලානයෙන් පසුව මම විස්සයි 20 නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළා” යැයි කෝලි සිය සමාජ මාධ්‍ය තුළ සටහන් කළ ප්‍රකාශයක සඳහන් විය.

“ඉන්දියාව නියෝජනය කිරීම පමණක් නොව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් මගේ උපරිම හැකියාවට ගෙන යාමට ද මම වාසනාවන්ත වී ඇත්තෙමි. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස මගේ ගමනේදී මට සහයෝගය දුන් සැමට මම ස්තූතිවන්ත වෙමි.” යැයි ඔහු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here