Home උණුසුම් පුවත් “ශ්‍රී ලංකා කණ්ඩායම දැන් හරිපාරේ.. ඔවුන් ව්‍යාකූල කරන්න එපා” – SLC

“ශ්‍රී ලංකා කණ්ඩායම දැන් හරිපාරේ.. ඔවුන් ව්‍යාකූල කරන්න එපා” – SLC

“ශ්‍රී ලංකා කණ්ඩායම දැන් හරිපාරේ.. ඔවුන් ව්‍යාකූල කරන්න එපා” – SLC

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් හිතාමතාම දුර්වල ක්‍රීඩා විලාශයක නිරත වූ බවට ඇතැම් මාධ්‍ය විසින් එල්ල වන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර සිටියි.

එවැනි ක්‍රීඩකයින් සම්බන්ධව කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් කිසිදු පැමිණිල්ලක් මේ වන තෙක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබී නැති බවද ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටියි. මෙහිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ජයග්‍රහණය කළ එක්දින තරගාවලියටද ක්‍රීඩා කරන ලද්දේ එකම කණ්ඩායම බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දීමට කැමැත්තෙමි.

එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කළා පමණක් නොව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ ස්ථානයකට පැමිණීමටද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

මෑත කාලයේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායම වැදගත් ජයග්‍රහණ රැසක් වාර්තා කරමින් නිවැරදි මාවතට ගමන් කරමින් ඉදිරියෙන් ඉදිරියට යන බව ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අවබෝධ කරගෙන සහ පිළිගෙන තිබෙන කරුණකි.

එබැවින් පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වන මේ මොහොතේ මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් කණ්ඩායම ව්‍යාකූල තත්ත්වයකට පත්වීමට ඉඩ පවතින බැවින් මෙවැනි ආකාරයේ පුවත් මින් ඉදිරියට ප්‍රකාශයට පත් නොකරන ලෙසද සාදාචාරාත්මක මාධ්‍යකරණයේ නියැළෙන ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අදාළ ප්‍රවෘත්ති ආයතන වලින් ඉල්ලා සිටියි.

එමෙන්ම මෙවැනි අසත්‍ය වාර්තා සමාජ ගත කිරීම තුළින් කණ්ඩායම තුළ දක්ෂතා වෙනුවෙන් කැපවීමෙන් සහ දැඩි කැමැත්තෙන් යුතුව ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින්ට එය මානසික වශයෙන් බලපානු ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අදහස වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here