තවත්
    මුල් පිටුවCOVIDමහනුවරට ස්පුට්නික් දෙවන මාත්‍රාව ලබන සතියේ

    මහනුවරට ස්පුට්නික් දෙවන මාත්‍රාව ලබන සතියේ

    මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා දෙවන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය ස්පුට්නික්- v එන්නත් 120000 ක ප්‍රමාණයක් එළඹෙන සඳුදා (20) මෙරටට ලැබීමට නියමිතය.

    සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසන්නේ මෙම තොගයෙන් ස්පුට්නික්- v එන්නතෙහි පළමු මාත්‍රාව ලැබූ සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක් වනු ඇති බවය.

    එම ස්පුට්නික් මාත්‍රා තොගය දින 03 ක් ඇතුළත මහනුවර දිස්ත්‍රික්කයේ පිරිස් වෙත ලබා දීම ආරම්භ කෙරේ.

    ඒ අනුව එළඹෙන සතිය අවසන් වන විට එම එන්නත්කරණය අවසන් කිරීමට හැකිවනු බවත්අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

    මහනුවර දිස්ත්‍රික්කයේ 150000 ක පිරිසක් සඳහා ස්පුට්නික් එන්නත ලබාදී තිබේ.

    එම දිස්ත්‍රික්කයේ අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එහි දෙවන මාත්‍රාව ලෙස මෙරටට ලැබුණු 30000 ක ස්පුට්නික් එන්නත් අවස්ථා 02 කදී ලබා දී ඇත.

    ඖෂධ ආනායනය, ගබඩා කිරීම හා බෙදාහැරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් වන සමාලෝචන සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (15) පැවැත්විණි. එම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව කීය.

    මේ වන විට මෙරට ජනගහනයෙන් හරි අඩකට පූර්ණ එන්නත්කරණය සිදු කර අවසන් ය.

    ස්පුට්නික් එන්නත් තොගය මහනුවර ජනතාවට ලැබීමත් සමඟ ඉදිරි සති කිහිපය තුළ එම දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ඉක්ම වූ 99 % ට වඩා පිරිසක් එන්නත්කරණය කර අවසන් වන බවත් අමාත්‍යවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img