Home දේශීය පුවත් ලංකා රෝහලේ බෝම්බය ඇටවූ පුද්ගලයා අත්අඩංගු වට

ලංකා රෝහලේ බෝම්බය ඇටවූ පුද්ගලයා අත්අඩංගු වට

0
ලංකා රෝහලේ බෝම්බය ඇටවූ පුද්ගලයා අත්අඩංගු වට

නාරාහේන්පිට පිහිටි ලංකා රෝහලේ පළමු මහලේ වැසිකිලියේ කාල බෝම්බයක් ලෙස අත්බෝම්බයක් ඇටවූ පුද්ගලයා හදුනාගත අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අද සමත් විය.

රෝහලේ ආරක්ෂක කැමරා පද්ධතිය සියුම් ලෙස නිරීක්ෂණය කර මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

ත්‍රීකුණාමලේ පදිංචිකරුවෙක් වන සැකකරු රෝහලේ අලුතින් ඉදිකරන ලබන ගොඩනැගිල්ලක ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමේ සේවකයෙකි. වයස අවුරුදු 27 ක් වන ඔහු රෝහලේ කෙරෙන ඉදිකිරීම්වලට සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ සම්බන්ධව සිට්න බවද අනාවරණය වී ඇත. මෙම සැකකරු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක්දැයි සැකයක් මතුව ඇති බැවින් ඒ ගැන විවිමර්ශනයක් පැවැත්වෙන බව පොලිස් ආරංච් මාර්ග අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here