මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සදහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට සිසුන්ට ලබාදී ඇති අවසන් දිනය වන අද වන විට සිසුන්ගෙන් සියයට 05 ක් වත් අයදුම්පත් ඉදිරිපත් කර නැත.
සාමාන්‍යයෙන් උසස් පෙළට වාර්ෂිකව අයදුම්පත් ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් හා ශිෂ්‍යත්වයට අයදුම්පත් ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණයක් විභාග දෙපාර්තමේන්තුවට ලැබෙන බව එහි තොරතුරු සදහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසන්නේ අද පෙරවරුව වන විට ලැබී ඇත්තේ උසස් පෙළට අයදුම්පත්‍ර 2922 ක් සහ ශිෂ්‍යත්වයට අයදුම්පත් 6589 ක් පමණක් බවය.
ඒ අනුව උසස් පෙළට අයදුම්පත් ලැබී ඇත්තේ සියයට 02 අඩු ප්‍රමාණයක්වන අතර ශිෂ්‍යත්වයට අයදුම්පත් ලැබී ඇත්තේ සියයට 03අඩු ප්‍රමාණයකි.
පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඉදිරිපත් කෙරෙන්නේ විදුහල්පතිවරු හරහාය. මේ වන ව්ට පවතින ගුරු විදුහල්පති වර්ජනය මේ තත්ත්වයට බලපා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සදහන් කළේය.