Home දේශීය පුවත් ඉන්දියවේ සිට රැගෙන එමින් තිබූ කෝටි 10 ක අයිස් අල්ලයි

ඉන්දියවේ සිට රැගෙන එමින් තිබූ කෝටි 10 ක අයිස් අල්ලයි

0
ඉන්දියවේ සිට රැගෙන එමින් තිබූ කෝටි 10 ක අයිස් අල්ලයි

ඉන්දියාවේ සිට ඩිංගි බෝට්ටුවකින් රැගෙන එමින් තිබුණු අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 10 කට ආසන්න ප්‍රමාණයන් සමග සිව් දෙනෙක් මන්නාරම පොලීසිය අද උදෑසන අත්අඩංගුවට ගත්තේය.

නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව තලෙයි මන්නාරම ඌරුමලේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේය.

අත්අඩංගුවටගත් සැකකරුවන් මන්නාරමේ පදිංචිකරුවන් බවට හදුනාගෙන තිබේ.

මෙම සැකකරුවන්ගෙන් කෙරෙන ප්‍රශ්න කිරීම් වලින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර උතුරු මුහුදේ කෙරෙන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරුද ⁣හෙළිවෙමින් ඇතැයි උසස් පොලිස් නිලධාරියක් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here