ශ්‍රී ලංකාවට විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබා දීමට නායකත්වය සැපයූ ක්‍රිකට් ලොව යෝකර් රජු ලෙස විරුදාවලියට පත් ලසිත් මාලිංග ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම යාම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතා සුභාශිංසන පණිවුඩයක් නිකුත් කර තිබේ.
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලයට පණිවුඩයක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලසිත් මාලිංගට සුබ පතමින් වසර 17ක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාවට කළ කැපකිරීම් ඇගයීමට ලක්කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.
දාහත් වසරක් මුළුල්ලේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර, විවිධ ජයග්‍රහණයන් ශ්‍රී ලංකාවට අත් කර දෙමින්, මාතෘ භූමියේ අභිමානය ලොව පුරා රැන්දූ විශිෂ්ට වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංගගේ විශ්‍රාම ජීවිතයට මාගේ සුභාශිංසනය පිරිනමමි.