Home දේශීය පුවත් පාස්කු ප්‍රහාර නඩුව කැදවීමට දින නියම වේ

පාස්කු ප්‍රහාර නඩුව කැදවීමට දින නියම වේ

0
පාස්කු ප්‍රහාර නඩුව කැදවීමට දින නියම වේ

පාස්කු ඉරුදින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 04 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

දමිත් තොටවත්ත විනිසුරුවරයාගේ සභාපතීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වන්නේ , අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270 ක් එම විත්තිකරුවන් 25 දෙනාට එරෙහිව ගොණු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here