Home දේශීය පුවත් සිය දිවි හානිකරගන්න පෙර යාපනයේ වෛද්‍ය සිසුවිය සයිනයිඩ් විෂ ඇති කෑම ගැනත් හොයලා

සිය දිවි හානිකරගන්න පෙර යාපනයේ වෛද්‍ය සිසුවිය සයිනයිඩ් විෂ ඇති කෑම ගැනත් හොයලා

0
සිය දිවි හානිකරගන්න පෙර යාපනයේ වෛද්‍ය සිසුවිය සයිනයිඩ් විෂ ඇති කෑම ගැනත් හොයලා

ගෙල වැලලාගෙන සිය දිවි හානිකරගත් යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍යාව සිය ජංගම දුරකතනයෙන් අන්තර් ජාලයට පිවිස පසුගිය සති කිහිපය පුරාම උපදේශන සේවා සපයන්නන් ගැන තොරතුරු සොයා ඇතැයි පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

ඒ අතර ඇය සයනයිඩ් විෂ අඩංගු අහාර ද්‍රව්‍ය ගැන පවා අන්තර් ජාලයෙන් කරුණු සොයා ඇතැයිද අනාවරණය වී තිබේ.

ඇය දැඩිව මානසික පීඩාවකට ලක්ව සිට ඇති බවත් ඒ නිසාම ඇය සියදිවි හානිකර ගෙන ඇති බව පෙනී යන බවත් යාපනය නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතා සදහන් කළේය.

ඇයට මානසික පීඩනය ගෙන දුන්නේ කුමන කරුණක් මුල්කරගෙනදැයි පැහැදිලි නැතත් ඒ ගැන පොලීසිය තවදුරටත් කරුණු සොයා බලමින් සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවියක් වූ ඇය මිය යන විට 23 වන වියේ පසුවිය. තිරුලිංගම් චාරුකා නම් වූ ඇය යාපනය උඩුවිල් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති කීර්තිමත් ශිෂ්‍යාවක් බව පොලීසිය කියයි. චුන්නාකම් පොලිස් වසමේ කන්දරෝඩිඩෙයි පදිංචිව සිටි ඇය ගෙල වැලලාගෙන ඇත්තේ සිය නිවසේ කාමරයේදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here