තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හයිබ්‍රිඩ් ක්‍රමයට ජිනීවාහිදී මානව හිමිකම් සැසිය ඇරඹේ

    හයිබ්‍රිඩ් ක්‍රමයට ජිනීවාහිදී මානව හිමිකම් සැසිය ඇරඹේ

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා හි දී ආම්භ වූයේ වෙනදා මෙන් පිරී ඇති විදේශවල නියෝජිතයන්ගෙන් නොවන අතර හිස් ආසන රැසක් සමඟ සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් දෙමුහුන් ක්‍රමයකට ය.

    නව සැසිවාරය මානව හිමිකම් කවුන්සිලය් සභාපති නෂත් එස්. ඛාන් විසින් ආරම්භ කර තිබේ.

    ඔන්ලයින් මගින් සජීවීව විකාශය කෙරෙන මෙම දෙමුහුන් ක්‍රමයට පවත්වන සැසිවාරයේ න්‍යාය පත්‍රය තුළ ශ්‍රී ලංකාව පිළිබඳව වාර්ෂික වාර්තාව ප්‍රකාශ කිරීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලට් ආරම්භක ප්‍රකාශයේදීම කීවාය.

    ඇගේ වාර්ෂික වාර්තාව පිළිබඳ යාවත්කාලීන කිරීම් පිළිබඳ පොදු විවාදය සැප්තැම්බර් 14 අඟහරුවාදා පෙ.ව. 10 ට ආරම්භ වේ.

    මෙම සැසිය තුළදී මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය හා වත්මන් ප්‍රගතිය පිළිබඳවද කරුණු දැක්වීමට නියමිතය.

    සති 4 ක් පුරාවට කවුන්සිලය විසින් මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් සහ ආයතන විසින් රටවල් 40 කට වැඩි ගණනක ඉදිරිපත් කරන ලද වාර්‍තා 90 කට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

    මෙම සැසිවාරයේදී, ඒකපාර්ශ්වික බලහත්කාර පියවරයන් (සැප්තැම්බර් 16) ඇතුළුව අන්තර් ක්‍රියාකාරී විවාද ගණනාවක් කවුන්සිලය විසින් පවත්වනු ඇත. ස්ත්‍රී පුරුෂ දෘෂ්ඨි කෝණය ඒකාබද්ධ කිරීම (27 සැප්තැම්බර්), ආදිවාසීන්ගේ අයිතිවාසිකම් (සැප්තැම්බර් 28), COVID-19 වසංගතය උත්සන්න කළ අසමානතාවයන් ගැඹුරු කිරීම (සැප්තැම්බර් 28), මානව හිමිකම් අධ්‍යාපනය සහ පුහුණුව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම පිළිබඳව (සැප්තැම්බර් 29), සහ සාමකාමී විරෝධතා සන්දර්භය තුළ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම (29 සැප්තැම්බර්) ආදිය පැවැත්වීමට නියමිතය.

    ඔක්තෝබර් 8 දක්වා සැසිය පැවැත්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img