නව යොවුන් වියේ සිටින නිරෝගී දරුවන් කොවිඩ් රෝගයට වඩා එහි එන්නත්වලින් ඇතිවන දුර්ලභ අතුරු ආබාධයකට ලක්ව රෝහල් ගතවීම් වැඩි වන බවට නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
ෆයිසර්/බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත ගැනීමෙන් ඒ ආශ්‍රිතව ඇතිකරන දුර්ලභ අතුරු ආබාධයක් වන පපුවේ දැවිල්ල හේතුවෙන් මෙලෙස නව යොවුන් වියේ නිරෝගි දරුවන් රෝහල් ගත කිරීමට වැඩි ඉඩක් ඇති බව අමෙරිකානු පර්යේෂකයෝ අනාවරණය කරති.
මාස 4 ක කාලයක් තුළ කොවිඩ් රෝගයෙන් රෝහල් ගත වීමට වඩා අවුරුදු 12 ත් 15 ත් අතර වයසේ පසුවන පිරිමි ළමයින්ට කිසිදු රෝගී තත්ත්වයක් නොමැතිව එන්නත ආශ්‍රිත myocarditis රෝග තත්ත්වය පෙන්නුම් කිරීමට ඇති ඉඩ 4 සිට 6 ගුණයක් දක්වා වැඩි බව ඔවුන්ගේ වෛද්‍ය දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනාවරණය වී ඇත.
දුර්ලභ අතුරු ආබාධ අත්විඳින බොහෝ දරුවන්ට, ෆයිසර්/බයෝඑන්ටෙක් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දින කිහිපයකින් මෙම රෝග ලක්‍ෂණ දක්නට ලැබී ඇත. මොඩර්නා ගත් දරුවන් ද මීට සමාන අතුරු ආබාධයක් දක්නට ලැබෙන බව ඔවුහු පෙන්වා දෙති.
මෙම රෝග ලක්ෂණවලින් පීඩාවට පත් පිරිමි ළමුන්ගෙන් 86% කට පමණ රෝහල් රැකවරණයක් අවශ්‍ය බව ඔවුහු පැවසීය.
සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ ළමා ප්‍රතිශක්ති විද්‍යාව සහ බෝවන රෝග පිළිබඳ මහාචාර්ය සාවුල් ෆවුස්ට් පැවසුවේ මෙම සොයාගැනීම් මඟින් එක්සත් රාජධානියේ එන්නත් හා ප්රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව විසින් යොවුන් වියේ දරුවන්ට එන්නත් දීමේදී ප්‍රවේශම් සහගත ප්‍රවේශය පිළිබඳ තවදුරටත් සළකා බැලිය යුතු බවයි. කැලිෆෝනියාවේ විශ්ව විද්‍යාලයේ ආචාර්ය ට්‍රේසි හෙයිග් සහ සගයන් විසින් කරන ලද මෙය තවමත් පූර්ණ සමාලෝචනය කර නොමැති පර්‍යේෂණයකි. තවදුරටත් පර්‍යේෂණ ක්‍රියාත්මක ය.
වයස අවුරුදු 12 ත් 15 ත් අතර වයසේ පසුවන දරුවන්ට කොවිඩ් සෞඛ්‍යාරක්‍ෂක එන්නත් ලබා දීමට, එන්නත් හා ප්රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව විසින් නිර්දේශ නොකළ නමුත් ලබන සතියේදී අවසන් තීරණය ගැනීමට බලාපොරොත්තු වන එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මණ්ඩලය වෙත මෙම නව සොයාගැනීම යොමු කර ඇත.
විශේෂයෙන් කොවිඩ් රෝගයට ගොදුරු විය හැකි හෝ අවදානම් සහිත පුද්ගලයෙකු සමඟ ජීවත් වන අවුරුදු 12 සිට 15 දක්වා ළමුන් මෙම එන්නත් සඳහා සුදුසුකම් ලබයි.
නවතම අධ්‍යයනයේදී, 2021 මුල් මාස හය තුළදී වයස අවුරුදු 12 සිට 17 දක්වා වයස්වල ළමුන් සඳහා කොවිඩ් එන්නත්වලට ඇති අහිතකර ප්‍රතික්‍රියා විශ්ලේෂණය කර ඇත.
ෆයිසර්/බයෝඑන්ටෙක් එන්නත ලබා දීමෙන් පසු හෘදයාබාධ ඇතිවීමේ වේගය ඔවුන් ඇස්තමේන්තු කර ඇත්තේ වයස අවුරුදු 12 ත් 15 ත් අතර නිරෝගී පිරිමි ළමුන් සඳහා මිලියනයකට 162.2 ක් සහ 16 සිට 17 දක්වා වයස්වල නිරෝගී පිරිමි ළමුන් සඳහා අවස්ථා 94 ක් ලෙස ය. ගැහැණු ළමයින් සඳහා සමාන අනුපාතය පිළිවෙලින් මිලියනයකට 13.4 සහ 13 කි.
වර්තමාන එක්සත් ජනපද ආසාදන අනුපාතය අනුව, ඉදිරි දින 120 තුළ සෞඛ්‍ය සම්පන්න යෞවනයකු කොවිඩ් සමඟ රෝහල් ගත කිරීමේ අවදානම මිලියනයකට 44 ක් පමණ වන බව ඔවුහු පැවසූහ