Home අධ්‍යාපනය සාපෙළ විභාග ප්‍රතිඵල ගැන තීන්දුවක්

සාපෙළ විභාග ප්‍රතිඵල ගැන තීන්දුවක්

සාපෙළ විභාග ප්‍රතිඵල ගැන තීන්දුවක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් දින කීපයක් ඇතුළත තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වූ හේතූන් හඳුනාගෙන ඇති බවද දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය .

අධ්‍යාපන අමාත්‍යාංශය පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව අද පාර්ලිමේන්තුවේ දී පැවති අතර ඊට එක්වෙමින් අධ්‍යාපන ඇමැතිවරයා එම එම අදහස් පළ කළේය.

අධ්‍යාපන කාර්යාලවලට අනුයුක්ත කර සිටින උපාධිධාරීන් ගුරු සේවයට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් සහ රාජ්‍ය සේවයකට බඳවාගෙන ඇති සංවර්ධන නිලධාරීන් ද ගුරු සේවයට අනියුක්ත කිරීම ගැන ඉදිරියේදී තීන්දුවක් ගන්නා බව ද දිනේෂ් ගුණවර්ධන මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here