Home COVID කොවිඩ් ආසාදිතයින්‌ට රෝගය උත්සන්න වීමේ අඩුවක්

කොවිඩ් ආසාදිතයින්‌ට රෝගය උත්සන්න වීමේ අඩුවක්

කොවිඩ් ආසාදිතයින්‌ට රෝගය උත්සන්න වීමේ අඩුවක්
A medical worker takes notes near a patient at the intensive care unit (ICU) of the Emergencias de Villa El Salvador hospital, during the outbreak of the coronavirus disease (COVID-19), in Lima, Peru, December 22, 2020. REUTERS/Angela Ponce NO RESALES. NO ARCHIVES REFILE - CORRECTING INFORMATION

රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය කරන දෛනික ඔක්සිජන් ප්‍රමාණය මේ වන විට සෑහෙන මට්ටමකින් අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ එළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මීට සති කිහිපයකට පෙර රෝහලෙහි ප්‍රතිකාර ලැබූ කොවිඩ් රෝගීන් සදහා දිනකට ඔක්සිජන් ටොන් 140ක පමණ ප්‍රමාණයක් අවශ්‍යව තිබූ අතර එම ප්‍රමාණය අද වන විට සීග්‍රයෙන් අඩුවී ඇතැයි සෞඛ්‍ය ඇමැතිවරයා කීය.

කොවිඩ් ආසාදිත රෝගීන්ගේ රෝග තත්ත්වය උත්සන්න නොවීම හා රෝහල් ගත වන රෝගීන් ප්‍රමාණය අඩුවීම නිසා මෙලෙ ඔක්සිජන් ප්‍රමාණය අඩු වී ඇතැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.

මේ අතර දිනකට ශ්‍රී ලංකාවෙන් නිපදවන ඔක්සිජන් ප්‍රමාණය ටොන් 80ක් වන බවද බව ද ඊට වඩා වැඩි ප්‍රමාණයක් රෝගීන්ට අවශ්‍ය වුවහොත් ඉන්දියාව සිංගප්පූරුව සහ චීනය ආදී රටවලින් ඇණවුම් කිරීමට ඉකුත් කාලයේ දී රජය පියවර ගත් බවද ගිහින් රඹුක්වැල්ල මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here