Home දේශීය පුවත් එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසියට ජනපති සහභාගි වේ

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසියට ජනපති සහභාගි වේ

0
එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසියට ජනපති සහභාගි වේ
U.S. President Donald Trump addresses the 74th session of the United Nations General Assembly at U.N. headquarters Tuesday, Sept. 24, 2019. (AP Photo/Mary Altaffer)

ඇමරිකාවේ නිව්‍ යෝර්ක්හී දී ලබන 21 වනදා, ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගීවන පළමු අවස්ථාව මෙය වන බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

සිය සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ආර්ථික, අධ්‍යාපන, කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව බවද ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදසුරටත් සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here