Home දේශීය පුවත් මව්බිම රනින් සැරසූ දිනේෂ්ට අග්‍රාමාත්‍ය තුමාගෙන් නිවසක්

මව්බිම රනින් සැරසූ දිනේෂ්ට අග්‍රාමාත්‍ය තුමාගෙන් නිවසක්

0
මව්බිම රනින් සැරසූ දිනේෂ්ට අග්‍රාමාත්‍ය තුමාගෙන් නිවසක්

ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට නව නිවසක් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාට දැනුම් දී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතියකින් අදාළ නිවස කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා උපදෙස් දී ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ඒ අනුව සුදුසු නිවාස ව්‍යාපෘතියකින් නිවසක් හඳුනාගෙන අදාළ නිවස ප්‍රදානය කිරීමට කටයුතු සම්පාදනය කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති උදය නානායක්කාර මහතාට පෙරේදා (08) උපදෙස් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here