තවත්
    මුල් පිටුවදේශීය පුවත්20/20 ලෝක කුසලනයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම

    20/20 ලෝක කුසලනයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී(UAE) පැවැත්වීමට නියමිතව ඇත.

    එම තරගාවලියට පෙර පෙරහුරු තරග දෙකක් ඕමාන කණ්ඩායම සමග පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝම්බර් 03 වෙනිදා ඕමානය බලා පිටත්ව යනු ඇත.

    ඕමානය සමග පළමු තරගය ඔක්තෝම්බර් 07 වැනිදාත් දෙවැනි තරගය ඔක්තෝම්බර් 09 වැනිදාත් පැවැත්වෙනු ඇත.

    එම තරග දෙකට අමතරව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් ලෝක කුසලාන තරගයට පෙර ලබාදෙන පෙරපුහුණු තරග දෙකකටද ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝමම්බර් 12 සහ 14 යන දෙදින සහභාගිවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සදහන් කරයි.

    ශ්‍රී ලකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේදී පළමුව තරග කිරීමට සිදුවනුයේ නැම්බියාවට එරෙහිවය. ඔක්තෝම්බර් 18 වෙනිදා එම තරගය පැවැත්වෙන අතර 20 වැනිදා අයර්ලන්තයට එරෙහිව තරග කිරීමට නියමිතය. අබුඩාබි හී පිහිටි ෂෙයික් ක්‍රීඩාංගනයේදී මෙම තරග දෙකම පැවැත්වෙන අතර තුන්වැනි තරගය නෙදර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ඔක්තෝම්බර් 22 දා සාජා හීදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img