Home COVID අවු 12ට වැඩි දරුවන්ට ෆයිසර් දෙන්න එකඟයි

අවු 12ට වැඩි දරුවන්ට ෆයිසර් දෙන්න එකඟයි

අවු 12ට වැඩි දරුවන්ට ෆයිසර් දෙන්න එකඟයි

වයස අවුරුදු 12 ත් 18 ත් අතර වයසේ පසුවන දරුවන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟතාව පළ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් හා සෞඛ්‍ය ඇමතිවරයා අතර ඊයේ පැවති හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ යෝජනාවකට සෞඛ්‍ය ඇමතිවරයා එකඟතාව පළකර පළ කර බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ශෙනාල් ප්‍රනාන්දු මහතා කීය.

වයස අවුරුදු 12 ත් 18 ත් අතර කාණ්ඩයේ දරුවන්ට පරිසර එන්නත ලබා දීමටත් 18න් ඉහළ සහ 30 න් පහළ තරුණ කණ්ඩායම් සඳහා පහසුවෙන් ලබාගත හැකි සයිනෝෆාම් වැනි එන්නතක් ලබා දීමටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කළ බවට වෛද්‍ය ශෙනාල් මහතා පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය වැනි රටවල භාවිතා කරන එන්නත් හා එන්නත් නිෂ්පාදකයින්ගේ නිර්දේශය යොදාගනිමින් සිදුකරන ලද විශ්ලේෂණාත්මක වාර්තාවක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් සෞඛ්‍ය ඇමතිවරයාට ලබාදුන් බවද ඔහු කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here