Home COVID මේ වසර අග තෙක් තුන්වෙනි මාත්‍රාව දෙන්න එපා – WHO

මේ වසර අග තෙක් තුන්වෙනි මාත්‍රාව දෙන්න එපා – WHO

මේ වසර අග තෙක් තුන්වෙනි මාත්‍රාව දෙන්න එපා – WHO

කොවිඩ් මර්දනය සඳහා තුන්වැනි මාත්‍රාවක් හෙවත් Booster shot ලබාදීමේ තහනම 2021 අවසානය වනතෙක් දීර්ඝ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එහි ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසන්නේ ධනවත් රටවල් සිය එන්නත්කරණ ඉලක්ක පසුකර යමින් සිටියද ඇතැම් දුප්පත් රටවල් එම ඉලක්ක සපුරා ගැනීමට ආසන්නයේවත් නොමැති බවයි.

එබැවින් එන්නත් හිඟයක් ඇතිවීම වැළැක්වීමට හා එන්නත් අසමතුලිතතාව අවම කිරීම උදෙසා තුන්වෙනි මාත්‍රාව මාත්‍රාවක් ලබා දීම කල් දමන්නැයි හෙතෙම අවධාරණය කර තිබේ.

ඉහළ ආදායම් ලබන රටවල් වලින් 90% ක්ම කොවිඩ් -19 එන්නත් කිරීමේ ඉලක්කය 10% ට ඉක්මවා තිබේ.

එමෙන්ම 70% කට වඩා රටවල් 40% ඉලක්කයටත් පැමිණ ඇත.

අඩු ආදායම්ලාභී එක රටක්වත් එම ඉලක්කය සපුරා නැති බව හෙතෙම කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here