Home දේශීය පුවත් කොණ්ඩෙ කපා වෙස් වලාගෙන සිටි බොබ් මාලි අත්අඩංගුවට

කොණ්ඩෙ කපා වෙස් වලාගෙන සිටි බොබ් මාලි අත්අඩංගුවට

0
කොණ්ඩෙ කපා වෙස් වලාගෙන සිටි බොබ් මාලි අත්අඩංගුවට

දකුණුු මුහුදු තීරය ඔස්සේ සිදුවන මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි බොබ් මාලී නැමැති ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් සමත්ව ඇත.

ඇල්පිටියේ නිවසක සැඟවී සිටි ඔහු අත්අඩංගුවට කොට ගෙන ඇත්තේ අද අලුයම් කාලයේදීය.

ඒවන ව්ටත් ඔහු සිය දිගු කොණ්ඩය කපා ස්වරූපය වෙනස් කරගෙන සිට ඇත. එසේ ඔහු සිය ස්වරූපය වෙනස් කරගෙන ඇත්තේ සැඟවී සිටි ඔහුව අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතමින් පොලිස් මූලස්ථානය ඊයේ ඔහුගේ ඡායාරූප මාධ්‍යයට නිකුත් කිරීමත් සමගිනි.

ඩුබායි සිට මත්කුඩු ජාවාරම මෙහෙවන පාතාල ප්‍රබලයකු වනකොස්ගොඩ සුජී ගේ මෙරට මත්කුඩු ජාලයේ මෙහෙවන ප්‍රධානියා ලෙස මෙම බොබ් මාලි නැමැති පුද්ගලයාව පුද්ගලයාව හඳුනාගෙන තිබේ.ඉකුත් 31 වෙනිදා රාජ්‍ය බුද්ධි සේවය තොරතුරකට අනුව නාවික හමුදාවේ ද සහාය ඇතිව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අල්ලාගත් හෙරොයින් කිලෝ 288 සම්බන්ධයෙන් මෙරට නියෝජිතයා ලෙස කටයුතු කර ඇත්තේ බොබ් මාලී නැමැති මෙම සැකකරුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here