Home අධ්‍යාපනය ඉන්දීය රජයෙන් උපාධි ශිෂ්‍යත්ව

ඉන්දීය රජයෙන් උපාධි ශිෂ්‍යත්ව

ඉන්දීය රජයෙන් උපාධි ශිෂ්‍යත්ව

ආයුර්වේදය, යෝගා , යුනානි, සිද්ධ සහ හෝමියෝපති උපාධි පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි හැදෑරීම සඳහා ඉන්දියානු රජය ශිෂ්‍යත්ව පිරිනමන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

2021-2022 අධ්‍යන වර්ෂ සඳහා එම ශිෂ්‍යත්ව පිරිනමන අතර තෝරා ගන්නා ශ්‍රී ලාංකිකයින්ට අධ්‍යයන කාලය තුළ නවාතැන් දීමනා, ඖෂධ දීමනා, ආහාර දිමනා ඇතුළු පහසුකම් රැසක් ඉන්දියානු රජය මඟින් ලබාදෙන බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියයි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් ලබාගත හැකි බවද මහකොමසාරිස් කාර්යාලය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here