Home උණුසුම් පුවත් “විශ්‍රාම වැටුපක සතයක් තියා ඩියුටි ෆ්‍රී වාහනයක්වත් මම අරන් නෑ”-කබ්රාල්

“විශ්‍රාම වැටුපක සතයක් තියා ඩියුටි ෆ්‍රී වාහනයක්වත් මම අරන් නෑ”-කබ්රාල්

“විශ්‍රාම වැටුපක සතයක් තියා ඩියුටි ෆ්‍රී වාහනයක්වත් මම අරන් නෑ”-කබ්රාල්

විශ්‍රාම වැටුපක් තබා රජය ලබාදෙන තීරුබදු රහිත වාහනයකින් හෝ තමා ප්‍රයෝජන ගෙන නැතැයි මුදල් හා ප්‍රාග්ධන වෙළඳ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ මහබැංකු අධිපතිවරුන්ග් විශ්‍රාම වැටුප් සම්බන්ධව මේ දිනවල මාධ්‍ය හා සමාජ ජාලවල පළවන පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

“විශ්‍රාම වැටුපක් වශයෙන් මට එක ශතයක්වත් ලැබී නැත. වසර 9 කට ආසන්න කාලයක් මහබැංකු අධිපතිවරයා ලෙස සේවය කිරීමෙන් පසුව හෝ මම රජයෙන් තීරුබදු රහිතව ලබාදෙන වාහනවලින් ප්‍රයෝජන ලබාගෙන නැත. බොරු ප්‍රවෘත්ති ගැන ප්‍රවේශම් වන්න.” යැයි හෙතෙම සඳහන් කර ඇත.

කබ්රාල් මහතා මේ බව සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් හා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී මහබැංකු අධිපති ධුරය සදහා යළිත් වරක් පත්වන බවට ඔහු සම්බන්ධයෙන් පුවත් පළවන පසුබිමකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here