මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති ඩො.බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් ගවේශණය සදහා මෙතෙක් අමාත්‍යවරයා සතුව තිබූ සියලු බලතල නව පනත් කෙටුම්පත මගින් අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සදහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පිළිබඳව කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කරමින් අමාත්‍යවරයා මේඛව පවසා සිටියේය.
මෙම පනත් කෙටුම්පතට කාරක සභාවේ එකගතාවය හිමිවිය.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම ඇතුළු ඛනිජතෙල් සම්පත් ගවේශන කටයුතු නියාමනය සහ කළමනාකරණය කරමින් වඩාත් විධිමත් කිරීම සදහා මෙම කෙටුම්පත ඉදිරිපත් කෙරේ.
රජයේ ප්‍රමුඛතම කාර්යක් සේ සළකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.
ශ්‍රී ලංකාවේ තෙල් ගවේශණය සදහා පසුගිය කාලයේ ලෝකයේ දැවැන්ත සමාගම් නොපැමිණ ඇති බවත් ඊට විවිධ හේතු සාධක බලපා ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
“මීට පෙර මේ සම්බන්ධව තින්දු තීරණ ගැනීමට සිටී නිලධාරීන්ට විෂය සම්බන්ධව තිබු අවබෝධය අඩු නිසා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම හරහා විෂය සම්බන්ධ ප්‍රවීණයන්ට මෙම කාර්ය භාරදීමට අපි කටයුතු කළා. එසේම බලපත්‍ර නිකුත් කිරීම වැනි නියාමන බලය සම්පූර්ණයෙන්ම අමාත්‍යවරයා වෙත කේන්ද්‍රගතව පැවති බැවින් අමාත්‍යවරයා, වෙනස් වීම වැනි අවස්ථාවදී සියලු කටයුතු අඩාල වීම ඉතිහාසයේ සිදුව තිබුණා. මේනිසා අමාත්‍යවරයා සතුව තිබූ සියලු බලතල මෙම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරීමට අප තීරණය කළා. ඒ වගේම පැවති සාම්ප්‍රදායික සිතියම වෙනුවට නවීන සිතියමක් තෙල් සහ ගෑස් ගවේශණ කටයුතු සදහා සකස් කළා” යැයිද අමාත්‍යවරයා පැවසිය.
මෙම තෙල් හා ගෑස් සම්පත තුළින් ‘රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවති බලශක්ති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.
මෙම තෙල් සහ ගෑස් කැණීම් සිදු කරන ආයෝජකයන්ට 50%ක් ලබාදුන්නද ඩො.බි. 133.5 රජයට හිමිවන බවත් එය රටේ සමස්ත ණය චටිනාකම වන ඩොං.බී.47 මෙන් තුන් ගුණයකට ආසන්න බවත් අමාත්‍යවරයා පැවසීය.
මන්නාරම් ද්‍රෝණියේ ඇති ගැස්වලින් පමණක් නොරොච්චෝලේ බලාගාරය වසර 120ක් ක්‍රියා කළ හැකි බවත් එහි ඇති තෙල්වලින් පමණක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර 143 ක් ක්‍රියාත්මක කළ හැකි බවත් ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.
අප අසල්චාසි රටවන ඉන්දියාව 1940 දශකයේ සිට ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ සිට තෙල් සහ ගෑස් කැණීමේ කටයුතු සිදූ කළද ශ්‍රී ලංකාවට විවිධ කරුණු නිසා එය මගහැරී ඇතිබවත් මේ සම්බන්ධ විෂය ප්‍රවීණයන් ඇතුළු විද්වතුන් අතර පැවති දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ඒ සදහා චිචිධ හේතු බලපා ඇති බව හදුනාගත් බවත් අමාත්‍යවරයා පැවසීය.
එසේම ඩොලර් බිලියන ගණනක් මෙම කර්මාන්තයට ආයෝජනය කළ යුතු බැවින් මෙම විශාල ආයෝජන ආරක්ෂා කිරීමට අදාළ ශක්තිමත් නීති රාමුවක් හදුන්වා දීමත්, අමාත්‍යවරයාට උපදෙස් ලබා දීමට විශේෂ කමිටුවක් පත් කිරීමන් මෙම පනත හරහා සිදුවන බවත් අමාත්‍යවරයා පැවසීය.
සාමාන්‍යයෙන් ලෝකයේ සම්මතය අනුව තෙල් හා ගෑස් ගවේශනයේදී රටක් ළිං 7 ක් කැණිමේදී එකක් සාර්ථක වීම සිදුවන බවත් නෝර්වේ රජයට පළමු සාර්ථක වීම සඳහා ළිං 31ක් කැණීමට සිදුවූ බවත් ශ්‍රී ලංකාවේ කැණීම් කරන ලද ළිං 4 අතුරින් 3 කම සාර්ථක වීම ඉතා යහපත් තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
එසේම මෙම කටයුතු සදහා ලොවපුරා විහිදී සිටින මෙම විෂය සම්බන්ධ ලාංකේය විශේෂඥයන්ගේ සහය ලබා ගැනීමට අපෙක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.