Home COVID කොවිඩ් නිසා ලංකාවට යන්න එපා – අමෙරිකානු සංචාරකයන්ට අවවාද

කොවිඩ් නිසා ලංකාවට යන්න එපා – අමෙරිකානු සංචාරකයන්ට අවවාද

කොවිඩ් නිසා ලංකාවට යන්න එපා – අමෙරිකානු සංචාරකයන්ට අවවාද

COVID-19 රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 3කට සංචාරය නොකරන ලෙස අමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) ඊයේ(07) අනතුරු අඟවා තිබේ.

එලෙස අනතුරු අඟවා ඇති අනෙක් රටවල් වන්නේ ජැමෙයිකාව සහ බෲනායි යන රටවල් ය.

සීඩීසී ආයතනය සිය සංචාරක උපදේශනය මෙම රටවල් සඳහා ‘4 වන මට්ටම: ඉතා ඉහළ’ මට්ටම දක්වා ඉහළ නංවමින් ඇමරිකානුවන්ට කියා සිටියේ එහි සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.

‍එමෙන්ම නෙදර්ලන්තය, මෝල්ටාව, ගිනියා බිසෝ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා වන ශ්‍රේණිගත කිරීම් ‘4 වන මට්ටම: ඉතා ඉහළ’ සිට ‘3 වන මට්ටම: ඉහළ’ දක්වා ලිහිල් කර ඇත.

එමඟින් එන්නත් නොකළ ඇමරිකානුවන් එම ගමනාන්ත වෙත යාම වළක්වා ගන්නා ලෙස ද එම ආයතනය ඉල්ලා සිටී.

සීඩීසී මඟින් ඕස්ට්‍රේලියාව ‘1 මට්ටම: අඩු’ සිට ‘2 වන මට්ටම: මධ්‍යස්ථ’ දක්වා ඉහළ නැංවීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here