Home COVID කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකටත් කොවිඩ්

කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකටත් කොවිඩ්

0
කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකටත් කොවිඩ්

දකුණු කොළඹ මහ රෝහලේ (කළුබෝවිල)නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව ඒ මහතා ප්‍රතිකාර සඳහා ඔහු සේවය කළ කොළඹ දකුණ මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.

කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බැවින් ඔහු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් කර තිබේ. කොවිඩ් 19 වෛරස ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ එවිටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here