තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයා යාපනයේ වැසියන්ට මුදල් බෙදයි

    එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයා යාපනයේ වැසියන්ට මුදල් බෙදයි

    නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ජනතාව රැස්කර මුදල් බෙදමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ. යේ හිටපු සාමාජිකයෙක් බව කියන පුද්ගලයෙක් ඇතුළු තිදෙනෙක් යාපනය නෙල්ලිඅඩි පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා පදිංචිව සිටින යාපනය උඩුප්පිඩි ප්‍රදේශයේ නිවස ඉදිරිපිට මෙම මුදල් බෙදාදීම සිදුව ඇතැයි නෙල්ලිඅඩි පොලීසිය සදහන් කරයි.

    කදීර්ගාමර් තම්බි ආරියගුණරාජා නැමැති එම එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයා අවුරුදු 78 ක් පමණ වයසැති අයෙකි. පොලිස් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ එංගලන්තයේ ජීවත්වන සිය පුතා සහ දියණිය විසින් අහිංසක ජනතාවට බෙදා දෙන්නැයි කියා එම මුදල් තමාට එවූ බවය.

    පොලිිසීයට ඔහු පවසා ඇත්තේ පුද්ගලයින් 15 දෙනෙකුට රුපියල් 2000 බැගින් මුදල් ලබාදීමට සැළසුම් කළ බවකි. එහෙත් පොලීසියට ලද තොරතුරකට අනුව එම ස්ථානයට යන විටත් 300 කට වැඩි පිරිසක් මුදල් ලබා ගැනීමට සූදානමින් පෝලිම් ගැසී සිට ඇත.

    බුද්ධි අංශ සදහන් කරන්නේ එම පුද්ගලයා රුපියල් කෝටියකට වැඩි මුදලක් බෙදා හැරීමට සූදානම්ව සිට ඇති බවය. පොලීසිය එම ස්ථානයට පැමිණෙන විටත් විශාල පිරිසකට ඔහු මුදල් බෙදා දී ඇති බවද බුද්ධි අංශ සදහන් කරයි.

    මේ සම්බන්ධයෙන් යාපනය නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතතාගෙන් කළ විමසුමකදී ඔහු සදහන් කරනු ලැබුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත අද නිදහස් කළ බවය. අධිකරණයට ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන බවද ඔහු පැවැසීය.

    බෙදාදුන් මුදල් කොපමණද යන්න හෝ බෙදා දීමට සූදානම් වූ මුදල් ප්‍රමාණය ගැන නිෂ්චිත තොරතුරක් නොමැති බවද ඔහු පැවැසීය. එංගලන්තයේ පදිංචිව සිටින යාපනයේ තවත් කාන්තාවක් චුන්නාකම් හී පදිංචිව සිටින සිය මාමා මගින් මුදල් බෙදා දීමක් කිරීමට ද තමාගෙන් අවසරය ඉල්ලා සිටි බවද ඔහු පැවසීය. එහිදී ඇයට තමා උපදෙස් දුන්නේ පොලීසිය සහ ග්‍රාමසේවක මගින් එම කටයුත්ත කිරීම සුදුසු බව දැනුම් දුන් බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img