Home COVID කොවිඩ් ආසාදිත දරුවන්ගේ සීඝ්‍ර අඩුවීමක්

කොවිඩ් ආසාදිත දරුවන්ගේ සීඝ්‍ර අඩුවීමක්

කොවිඩ් ආසාදිත දරුවන්ගේ සීඝ්‍ර අඩුවීමක්

කොළඹ ළමා රෝහලේ කොරෝනා ආසාදිත ප්‍රතිකාර ලබමින් සිටින දරුවන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් අඩුවී ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ ජී විජේසූරිය මහතා පැවසීය.

සාමාන්‍යයෙන් ඉකුත් කාලයේ දී දිනකට කොරෝනා ආසාදිත දරුවන් 200ක් පමණ පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටි නමුත් අද වන විට ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ කොරෝනා ආසාදිත දරුවන් 87 දෙනකු පමණකැයි ද රෝහල් අධ්‍යක්ෂවරයා කීය.

කොරෝනා කොරෝනා ආසාදිත දරුවන් වෙනුවෙන් කොළඹ ළමා රෝහලේ වාට්ටු 6ක් සහ රාජගිරිය ආයුර්වේද පරිශ්‍රයේ තවත් වාට්ටුවක් ද ළමා රෝහලේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

කොරෝනා ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් අඩු වීම යහපත් ලක්ෂණයක් බව ද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here