Home දේශීය පුවත් උණුසුම් පුවත් සවන් පිනවූ සුනිල් පෙරේරාගේ නිහඬ අවසන් ගමන

සවන් පිනවූ සුනිල් පෙරේරාගේ නිහඬ අවසන් ගමන

0
සවන් පිනවූ සුනිල් පෙරේරාගේ නිහඬ අවසන් ගමන

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ප්‍රවීණ සංගීතවේදී, අභාවප්‍රාප්ත සුනිල් පෙරේරා මහතාගේ දේහය පිළීබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරිණ.

කොරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ඔහු මීට දින කිහිපයකට පෙර ඉන් සුවය ලබා සිය නිවස වෙත පැමිණි අතර, යළි අසනීප වී රෝහල් ගතකළ පසු නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් අද අලුයම අභාවප්‍රාප්ත විය.

1952 වසරේ සැප්තැම්බර් 14 වනදා උපත ලද සුනිල් පෙරේරාගේ සම්පූර්ණ නම අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා යි. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙනි.

ඔහුගේ පියා වන ඇන්ටන් පෙරේරා මහතා විසින් ආරම්භ කරන ලද ජිප්සීස් සංගීත කණ්ඩායමට වයස අවුරුදු 11 ක්ව සිටියදී සුනිල් පෙරේරා එක්වූයේ 1969 වසරේදීයි. ඔහු සිය සොහොයුරන් වූ නිහාල්, ලාල්, නිමල්, පියල් සහ තවත් ඥාති සොහොයුරන් සමඟ ජිප්සීස්, මෙරට කණ්ඩායම් සංගීතයේ පෙරළිකාර වාද්‍ය කණ්ඩායමක් බවට පත්කිරීමට සමත් වූ අතර ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි කණ්ඩායමක් බවට පත්කළේය.

ලුණු දෙහි, ඕයේ ඔජායේ මෙන්ම තවත් ගීත ගොන්නක් ජිප්සීස් සංගීත කණ්ඩායම සමඟ එක්ව ඔහු නිර්මාණය කළ අතර නිරන්තරයෙන් සංගීතයේ වෙනස්කම් සොයා ගිය සුනිල් පෙරේරා ගායකයෙකු, වාදකයෙකු, ගීත රචකයෙකු සහ සංගීතඥයෙකු ලෙස මෙරට සංගීත කලාව වෙනත් මානයකට ගෙනගිය සදා නොමැකෙන නමක් තැබූ සංගීතවේදියෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here