Home උණුසුම් පුවත් ඇෆ්ගන් ජනමාධ්‍යවේදීන්ට මෙරට රැකවරණය දෙන්නැයි රජයෙන් ඉල්ලීමක්

ඇෆ්ගන් ජනමාධ්‍යවේදීන්ට මෙරට රැකවරණය දෙන්නැයි රජයෙන් ඉල්ලීමක්

ඇෆ්ගන් ජනමාධ්‍යවේදීන්ට මෙරට රැකවරණය දෙන්නැයි රජයෙන් ඉල්ලීමක්

දැඩි ජීවිත තර්ජනයකට මුහුණ පා සිටින ඇෆ්ගන් ජනමාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේ රැකවරණය ලබාදෙන්නැයි මාධ්‍ය සංවිධාන එකමුතුව රජයෙන් ඉල්ලීමක් කරයි.

මාධ්‍ය සංවිධාන එකමුතුව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන් වෙත ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර තිබේ.

මාධ්‍ය සංවිධාන එකමුතුව වෙනුවෙන් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය , නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සංසදය සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම ඉල්ලීම කර තිබේ.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන එකමුතුව ලෙස අපි මේ අවස්ථාවේ සහෝදර සහෝදර ඇෆ්ගන් මාධ්‍යවේදීන් මුහුණ පා සිටින බරපතළ හා අනතුරුදායක තත්ත්වය කෙරෙහි දැඩි සේ අවධානය යොමු කරන බවත් ඔවුන් බොහෝ දෙනෙක් තලේබාන් පාලනය හමුවේ දැඩි ජීවිත අවදානමකට ලක්ව සිටින හෙයින් ඔවුන්ට ශ්‍රී ලංකාවේ රැකවරණය ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන්නැයි ඉල්ලා සිටින බව ද එම ලිපියේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here