Home උණුසුම් පුවත් LTTEයේ ප්‍රභාකරන්ගේ පරිවර්තකයා ‘ජෝර්ජ් මාස්ටර්’ මියයයි

LTTEයේ ප්‍රභාකරන්ගේ පරිවර්තකයා ‘ජෝර්ජ් මාස්ටර්’ මියයයි

LTTEයේ ප්‍රභාකරන්ගේ පරිවර්තකයා ‘ජෝර්ජ් මාස්ටර්’ මියයයි

පෙර පැවති එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ ඝාතනයට ලක්වූ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ හිටපු පරිවර්‍තක ජෝර්ජ් මාස්ටර් ලෙස හඳුන්වන වේළුපිල්ලේ කුමාර් පංචරත්නම් යාපනයේදී අභාවප්‍රාප්ත වී ඇත.

කිලිනොච්චිය ප්‍රදේශයේදී හෘදයාබාධයකින් අද ඔහු මියගොස් ඇත.

ඔහු තම මව් භාෂාව දෙමළ භාෂාවට අමතරව සිංහල සහ ඉංග්‍රීසි භාෂා චතුර ලෙස දැන සිටි අයෙක් බව කියැවේ.

ඔහු කලක සිට අසනීපයෙන් පසුව ඇතැයි ද වාර්තා වේ.

ජාත්‍යන්තර අර්බුද පිළිබඳ සමූහයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඇලන් කීනන් මේ පිළිබඳ තබා ඇති සටහනක දැක්වෙන්නේ ජෝර්ජ් මාස්ටර් සමඟ බොහෝ රහස් ද වැළලී යනු ඇති බවය. ඔහු හුදෙක් පරිවර්තනයකට වඩා වැඩි යමක් සිදුකරමින් සිය පරිවර්තන කර්තව්‍ය නිර්මාණාතාමකව කළ බවට ඔහු ඇසුරු කළ පුද්ගලයන් පවසා ඇතැයි ද හෙතෙම සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here