Home දේශීය පුවත් ඇඳිරි නීතිය අස්සේ විශාල පිරිස් රැස්වෙමින් යාපනයේ කෙරන අවමගුල් ගැන විමර්ශනයක්

ඇඳිරි නීතිය අස්සේ විශාල පිරිස් රැස්වෙමින් යාපනයේ කෙරන අවමගුල් ගැන විමර්ශනයක්

1
ඇඳිරි නීතිය අස්සේ විශාල පිරිස් රැස්වෙමින් යාපනයේ කෙරන අවමගුල් ගැන විමර්ශනයක්

අකුණු සැර වැදීමකින් මිය ගිය ලංගම රියදුරෙකුගේ දේහය සුසාන භූමිය වෙත පන්සීයකට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති පෙරහරකින් රැගෙන යාමක් ගැන උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතාගේ උපදෙස් යාපනය නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතාගේ අධික්ෂණයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබේ.

මෙම අවමංගල්‍ය කටයුත්ත යාපනය අච්චුවේලි නාවට්කාඩු ප්‍රදේශයේ ඊයේ පැවැත්වෙන්නේ නිරෝධායන ඇදිරිනීතිය පවා ක්‍රියාත්මකව පැවතියදීය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව අවමංගල්‍ය කටයුත්තක් සදහා සහභාගිවිය හැක්කේ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකුට පමණි. එහෙත් මෙම අවමගුල් පෙරහැරට ගම්වැසියන් මෙන්ම ලංගම සේවකයින්ද විශාල වශයෙන් සම්බන්ධ වී නිවසේ සිට සුසාන භූමිය වෙත ගමන් කර ඇත්තේ පෙරහරකිනි. දේහය සැරසූ වාහනයක් මත තබාගෙන මෙම පෙරහර ගමන්කර ඇත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මුළු මනින්ම උල්ලංඝනය කරමිණි.

අකුණු සැර වැදීමකින් ත්‍යාගරාසා මදනපාලන් නැමැති 40 වියැති ලංගම බස් රථ රියදුරා මිය ගොස් ඇත්තේ නාවට්කාඩු පිහිටි සිය කුඹුරේ සීසාමින් සිටියදීය.

මේ ආකාරයටම විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොවිඩ් ආසාදිතයෙකුගේ අවසන් කටයුතුද යාපනයේ ඉකුත් සතියේ පැවැත්විණි. යාපනයේ ක්‍රියාත්මක කඩුකල්ලියක ප්‍රහාරයකින් මිය ගිය තරුණයෙකුගේ අවසන් කටයුතු එසේ සිදුවිය. ඒ සම්බන්ධයෙන් පොලීසිය සදහන් කරනු ලැබුවේ අතර මගදී පිරිස විසුරුවා හැරීමට පියවර ගත් බවය. මෙම අවමගුල් පෙරහර සම්බන්ධයෙන්ද පොලීසිය පවසන්නට වූයේ අතර මගදී පිරිස විසුරුවා හැරිය බවය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here