Home දේශීය පුවත් සමීපතියක් දැරණියගල සභාපතිගේ නහය කපයි

සමීපතියක් දැරණියගල සභාපතිගේ නහය කපයි

1
සමීපතියක් දැරණියගල සභාපතිගේ නහය කපයි

දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කාන්තාවක් විසින් දැලි පිහියකින් කළ පහරදීමක් හේතුවෙන් ඔහු තුවාල ලබා දැරණියගල රෝහලට ඇතුලත්කර තිබේ.

සභාපතිවරයාගේ සමීපතම ආධාරකාරියක් වන ඇය මෙම පහරදීම කර ඇත්තේ දැරණියගල පිහිටි පොළොන්නරුව කඩය නම් වූ වෙළද සැල අසලදීය. සභාපතිවරයා ගමන් ගත් රථය එම වෙළද සැල අසල නතරකළ අවස්ථාවේදී අදාල කාන්තාව සභාපතිවරයා අසලට ගොස් ඇතැයි පොලීසිය කියයි. එම අවස්ථාවේදී ඇය දැලි පිහියකින් සභාපතිවරයාව කැපීමට උත්සහ දරා ඇති බවත් එම අවස්ථාවේදී සභාපතිවරයා විසින් එය වැලැක්වීමේදී ඔහුගේ නහය දැලි පිහියෙන් කැපී තුවාල වී ඇති බවත් පොලීසිය කියයි.

ඇය විසින් සභාපතිවරයාට දැලිපිහි පහරක් එල්ලකරනු ලැබුවේ ඇයිදැයි මෙතෙක් අනාවරණය වී නැත. පොලීසිය පවසන්නේ සභාපතිවරයා ඇයව ඉතා ළගින් ඇසුරුකර ඇතැයි තොරතුරු ඇති බවය.

මේ සම්බන්ධයෙන් සීතාවක කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් විමර්ශන පවත්වන බව පොලීස් මාධ්‍ය ඒකකය සදහන් කරයි.

1 COMMENT

  1. අළුත් වචනයක් ඉගෙන ගත්තා “සමීපතියක්”
    😁😀 සමීපතමියක්? සමීපතම ලියක්?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here