නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි ලින්මෝල් සාප්පු සංකීර්ණයයේ සිටි 7 දෙනකුට පිහිපහර එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරකයා මෙරට මෙරට කාත්තන්කුඩි පදිංචිව සිට 2011 දී ශිෂ්‍ය වීසා මත නවසීලන්තයට ගිය අහමඩ් අදිල් මොහොමඩ් සම්සුදීන් නැමැති ශ්‍රී ලාංකිකයා බවට වාර්තා පළවෙයි. ඔහු ලංකාවේ සිටියදී තවත් ප්‍රදේශ ගණනාවක සිට ඇති බවට ද සඳහන් ය. නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් විසින් ප්‍රහාරකයාගේ නාමය තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැත. නවසීලන්තය විසින් වසර ගණනාවක සිට ‘S’ නමින් පමණක් හැඳින්වූ සම්සුදීන්ගේ නාමය පළමුව ප්‍රසිද්ධ වාර්තාවල දැකගත හැකිවන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබද මහාචාර්යවරයකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ශ්‍රී ලංකාවෙන් සහ අමෙරිකාවේ දේශපාලන උපදේශකයකුගේ සටහනකිනි.
සම්සුදීන්ට පෙර එවැනි අන්තවාදී මතදැරූවන් ලෙස නවසීලන්තයේ මුලින්ම හමුවී තිබුණේ ඉම්රාන් පටේල්, නිරෝෂාන් නවරාජන් යන දෙදෙනායි. ඉන් පසුව 2019 වනවිට සම්සුදීන් ලෙසින්ම නවසීලන්ත ජාතික ආරක්ෂාව යටතේ ත්‍රස්ත ක්‍රියා කළ හැකි අන්තවාදීන් ලෙස සමීපව අධීක්ෂණය වූ අන්තවාදීන් 40කට ආසන්න ප්‍රමාණයක් සිට ඇත.
32 හැවිරිදි සම්සුදීන් අන්තවාදය පැතිරවීම, තියුණු ආයුධ (විශාල පිහි) ළඟ තබාගැනීම, කෲරත්වය ප්‍රවර්ධනය ආදී චෝදනා හේතුවෙන් 2016 සිට ඔහු අධීක්ෂණය යටතේ සිටියේය. 2017 වනවිටත් එරට ආරක්ෂක අංශ විසින් ඔහුට එරෙහිව චෝදනා 23ක් ගොනු කර තිබී ඇත.
ඔහු මෙම පින්තූර සහ වීඩියෝ හුවමාරු කර ගැනීම සඳහා භාවිතා කරන ෆේස්බුක් ගිණුම් දෙකක් තිබී ඇති අතර පළමුවරට 2016 දී ඔහුට පොලිස් අනතුරු ඇගවීමක් කර තිබිම හේතුවෙන් ඔහු වෙනත් ගිණුම් ගණනාවක් වරින් වර රහසිගතව පවත්වාගෙන ගොස් ඇත.
බුරුම දේශසීමාවේදී මුස්ලිම් සුළු ජාතීන්ට එරෙහිව සිදු කරන ලද සාහසික ක්‍රියාවන් තමා සතුව ඇති බවට එල්ල වන චෝදනාවලට ඔහු විරුද්ධ විය. එසේම එම පින්තූර සහ අනෙකුත් වීඩියෝ පට වල මුස්ලිම් ලෝකයේ වෙනත් ප්‍රදේශවල සිදු වූ සාහසික ක්‍රියාවන් පෙන්නුම් කරන බව උසාවියේදී හෙළිවී තිබුණි.
චිත්‍රපට හා සාහිත්‍ය උපුටා දක්වමින් ද ඔහු ඉසස්ලාම් අන්තවාදය හා කෲරත්වය පැතිිරවීර නිසා ඒ සම්බන්ධයෙන් ඔහුට වාරණ තිබී ඇති බව එරට වාර්තාවල දැක්වේ. චිත්‍රපට, වීඩියෝ සහ ප්‍රකාශන වර්ගීකරණ පනත යටතේ අධිල් සම්සුදීන්ට එරෙහිව නඩු පැවරීමට ද ඇතැම් අවස්ථාවල කටයුතු යෙදීි තිබී ඇත.
ආදිල්ට ප්‍රහාරාත්මක ආයුධයක් (විශාල දඩයම් පිහි) ළඟ තබා ගැනීමේ චෝදනාව දෙවරක්ම එල්ල වූ අතර ඔහු අරමුදල් රැස් කිරීම සඳහා ලේඛනයක් භාවිතා කරමින් සිට ඇත.
මොහු වරක් සිරියාවට යාමට සැරසෙද්දී ගුවන්තොටුුපලෙන් ඔහු නවතා තිබුණි. එම අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ තමා නිවාඩුවකට සිංගප්පූරුව බලායාමට උත්සහ කළ බවය.
ත්‍රස්ත විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වන නීතිය මේ මාසයේ සිටම දැඩි කරන බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩර්න් පොරොන්දු වී තිබේ. 24 පැය පුරාම එරට ආරක්ෂක අංශ විසින් ඇසගසාගෙන සිටි පුද්ගලයකු ඔක්ලන්ඩ්හි ලින්මෝල් සුපිරි වෙළඳසැලක සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සළකා බලා රජය මෙම පියවර ගෙන ඇත.
‘මම පොරොන්දු වෙනවා, පාර්ලිමේන්තුව නැවත ආරම්භ වූ විගස අපි ඒ වැඩ කටයුතු අවසන් කරනවා – ඒ කියන්නේ හැකි ඉක්මනින් නීතිය සම්මත කිරීමට කටයුතු කරන අතර මේ මාසය අවසන් වන තුරුත් ඉන්නේ නෑ’ යනුවෙන් ආර්ඩර්න් පුවත්පත් සාකච්ඡාවකට පැවසීය. එරට ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පත ත්‍රස්ත ප්‍රහාරයට තුඩු දිය හැකි සැලසුම් සහ සකස් කිරීමට සහ කුමන්ත්‍රණකරුවන්ට නිදහසේ සිටීමට ඉඩ සලසන බවට චෝදනා එල්ල වී ඇත.
බොහෝ දෙනෙකුගේ චෝදනාව වූයේ 2016 සිට නවසීලන්ත ආරක්ෂක අංශ විසින් විවිධ අවස්ථාවන්හිදී අත්අඩංගුවට ගෙන මුදාහැර, මෙන්ම අධීක්ෂණයට යටතේ සිටියද ඔහුගේ තර්ජනය දැන සිටියේ නම් ලාංකිකයෙක් බව කියන ඔහු නෙරපා හැරීමට කටයුතු නොකළේ මන්ද යන්න පිළිබදවය.
පසුගිය ජූලි මාසයේදී මුදා හැරීමට පෙර වසර තුනක් පමණ වරදකරු වී සිරගතව සිටි අයෙකි. මෙම පුද්ගලයා ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමී කන්ඩායමේ ආභාෂය ලබමින් තනි වෘකයකු ලෙස හැදින‍්වෙන තනිව ඒ මග යන අයෙකු බවට හදුුනාගෙන තිබුණි. නිරන්තරයෙන් ඔහුව නිරීක්ෂණය කරන නමුත් නීතියෙන් තවදුරටත් සිරගත කළ නොහැකිව තිබූ බවත් ආඩර්න් පැවසීය.