ත්‍රස්ත විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වන නීතිය මේ මාසයේ සිටම දැඩි කරන බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩර්න් පොරොන්දු වෙයි.
එරට ආරක්ෂක අංශ විසින් ඇසගසාගෙන සිටි පුද්ගලයකු ඔක්ලන්ඩ්හි ලින්මෝල් සුපිරි වෙළඳසැලකදී පුද්ගලයින් හත් දෙනෙකුට පිහියෙන් ඇන තුවාල සිදුකර වූ ප්‍රහාරයෙන් පසුව මෙම පියවර ගෙන ඇත.
‘මම පොරොන්දු වෙනවා, පාර්ලිමේන්තුව නැවත ආරම්භ වූ විගස අපි ඒ වැඩ කටයුතු අවසන් කරනවා – ඒ කියන්නේ හැකි ඉක්මනින් නීතිය සම්මත කිරීමට කටයුතු කරන අතර මේ මාසය අවසන් වන තුරුත් ඉන්නේ නෑ’ යනුවෙන් ආර්ඩර්න් පුවත්පත් සාකච්ඡාවකට පැවසීය.
එරට ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පත ත්‍රස්ත ප්‍රහාරයට තුඩු දිය හැකි සැලසුම් සහ සකස් කිරීමට සහ කුමන්ත්‍රණකරුවන්ට නිදහසේ සිටීමට ඉඩ සලසන බවට චෝදනා එල්ල වී ඇත.
අන්තවාදී මත දැරූ ප්‍රහාරකයා සිද්ධියෙන් ඇතිවූ පොලිස් වෙඩි පහරින් මියගියේය.
බොහෝ දෙනෙකුගේ චෝදනාව වූයේ 2016 සිට නවසීලන්ත ආරක්ෂක අංශ විසින් විවිධ අවස්ථාවන්හිදී අත්අඩංගුවට ගෙන මුදාහැර, මෙන්ම අධීක්ෂණයට යටතේ සිටියද ඔහුගේ තර්ජනය දැන සිටියේ නම් ලාංකිකයෙක් බව කියන ඔහු නෙරපා හැරීමට කටයුතු නොකළේ මන්ද යන්න පිළිබදවය.
පසුගිය ජූලි මාසයේදී මුදා හැරීමට පෙර වසර තුනක් පමණ වරදකරු වී සිරගතව සිටි ශ්‍රී ලාංකිකයෙකු වන 32 හැවිරිදි ප්රහාරකයා සිකුරාදා ඔහුගේ වෙඩි තැබීම ආරම්භ කර සුළු මොහොතකට පසු පොලිසිය වෙඩි තබා ඝාතනය කළේය.
මෙම පුද්ගලයා ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමී කන්ඩායමේ ආභාෂය ලබමින් තනි වෘකයකු ලෙස හැදින‍්වෙන තනිව ඒ මග යන අයෙකු බවට හදුුනාගෙන තිබුණි.
නිරන්තරයෙන් ඔහුව නිරීක්ෂණය කරන නමුත් නීතියෙන් තවදුරටත් සිරගත කළ නොහැකිව තිබූ බවත් ආඩර්න් පැවසීය.